භෞතචිකිත්සකවරයා යනු වෛද්‍යවරයෙක්,හෙදියක් මෙන් ඔබගේ රෝගී තත්වයන්ගෙන් අත්මිදීමට උදව් කරන රටක සෞඛ්‍ය ක්ෂේත්‍රයට වැදගත්, ක්‍රීඩා ක්ෂේත්‍රයට අතිශයින් වැදගත් වෛද්‍ය වෘත්තිකයෙක්.
භෞතචිකිත්සකවරයාගේ කාර්යයභාරය වන්නේ කුමක්ද?
රෝගීන් පරීක්ෂාවට ලක්කිරීම, ඔවුන්ගේ රෝගාබාධ තත්වයන් නිර්ණය කිරීම හා ඒවාට ප්‍රතිකාර කිරීම.එමගින් ඔබගේ ආබාධ තත්ව හමුවේ ඔබට නැවත ජීවිතයේ එදිනෙදා ක්‍රියාකාරකම් වල සුපුරුදු තත්වයට, ක්‍රියාකාරීත්වයට පැමිණීමට උදව් කිරීම.
ලෝකයේ මානව චලන විද්‍යාව ![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
පිළිබඳව විශේෂඥයන් පිරිසක් තමයි භෞතචිකිත්සකවරු කියන්නෙ.ශරීරයේ භෞතික හැසිරීම පිළිබඳව ඔවුන්ට මනා දැනුමක් පවතී.
Electrotherapy/විද්‍යුත්චිකිත්සක ප්‍රතිකාර
මෙහිදී විද්‍යුත් චුම්භක වර්ණාවලියේ එන ප්‍රතිකාරමය සීමාවේ පවතින කිරණ වල ශක්තීන් ප්‍රතිකාර කිරීම සඳහා යොදා ගනී.තවද විද්‍යුතය යොදා ගැනීම ද සිදු කරයි.
ප්‍රතිකාරමය ව්‍යායාම/Therapeutic Exercises
දක්ෂ පළපුරුදු භෞතචිකිත්සකවරයෙකු විසින් බොහෝ විට උත්සාහ කරන්නේ ව්‍යායාම ප්‍රතිකාර ක්‍රම මගින් ඔබගේ රෝගය ට හේතුවන ජෛව යාන්ත්‍රණයෙහි (Bio-mechanics) පවතින දෝෂය නිවරැදි කිරීමයි.එකිනෙකට වෙනස් ව්‍යායාම ක්‍රම රැසක් ඔවුන් විසින් භාවිතා කරයි.

The mid adult male patient takes his first steps after foot surgery using the orthopedic parallel bars under the guidance of the female physical therapist. 
කායචිකිත්සක ක්‍රම/Manual Therapy
මෙහිදී හෞතචිකිත්සකවරයා විසින් රෝගියා විසින් සක්‍රීයව ප්‍රතිකාරයට සහභාගී වීමකින් තොරව හෝ සහභාගී වීම අවම වන ලෙස ඔබගේ මාංශපේශී, සන්ධි හෝ අන්තරංග අවයව චලනයට ලක්කිරීම මගින් පටක වල ආබාධ හෝ ජෛව යාන්ත්‍රණයේ ආබාධ නිවරැදි කරනු ලබයි


අතුරු ප්‍රතිකාර ක්‍රම/Supplimentary Treatments
- ටේපින්/Kinseio Taping
- කටු චිකිත්සාව/Dry Needling
- මෘදු පටක ලිහිල් කිරීමේ චිකිත්සක ක්‍රම/Soft Tissue Releasing Techniques
- Thai Chi
වැනි බොහෝ විද්‍යාත්මකව තහවුරු කරන ලද ප්‍රතිකාර ක්‍රම භාවිතා කරනු ලැබේ.
ගෙදර ද ඉන්නෙ?COVID-19 සම්බන්ධ ශ්වසන ව්‍යායාම ගැන දැනුවත් ද?
කොරෝනා වෛරස් ආසාදනයෙන් පසු ශ්වසන ක්‍රියාකාරිත්වය යථා තත්ත්වයට පත් කර ගැනීමට කළ යුතු ශ්වසන ව්‍යායාම: COVID-19 වලට හේතු වන කොරෝනා වයිරසය පෙනහළු හා ශ්වසන පද්ධතියට පහර දෙන අතර සමහර අවස්ථාවලදී සැලකිය යුතු හානියක් සිදු කරනව. COVID-19 බොහෝ විට නියුමෝනියා තත්වයක් හෝ හෝ දරුණු ලෙස පෙනහළු ආබාධ විය හැකි උග්‍ර ශ්වසන අපහසුතා සින්ඩ්‍රෝමය (ARDS) වැනි තත්ත්වයක්…
පාදයේ පළමු ඇගිල්ල ඇද වීම /Hallux Vulgus
ඔබේ පාද ගැන විමසිලිමත් ද? ඉදිරිපසින් උල් වූ ,හිර සපත්තු පලදින කෙනෙක් ද? නැතිනම් දිනපතා high heels පලදින කෙනෙක් ද? මෙය ක්‍රම ක්‍රමයෙන් උග්‍ර විය(Progressive) හැකි පාදයේ ඇති වන විකෘතියක්(Foot Deformity) වන අතර පාදයේ පළමු ඇගිල්ල සහ පාදය අතර වූ සන්ධියේ(1st metartarsophalangeal joint) මෙය ඇතිවේ.බොහෝ විට පා ඇගිල්ල අවට වේදනාවත්(Pain) සමග ඇගිල්ලේ ක්‍රියාකාරීත්වයෙහි(Functional Disability) සහ…
කවුරුත් නොදැන පාවිච්චි කරන අධෝරක්ත කිරණ ප්‍රතිකාරය /IR Therapy
භෞතචිකිත්සාවේ එන විද්‍යුත් ප්‍රතිකාර ක්‍රමයකි. මෙහිදී විද්‍යුත් චුම්භක වර්ණාවලියේ එන අධෝරක්ත කිරණ හෙවත් IR කිරණ ප්‍රතිකාරය සඳහා භාවිතා වේ. මෙහිදී ප්‍රතිකාරයට පෙර රෝගියාගේ රෝගී තත්ත්වය පරීක්ෂාවට ලක් කෙරේ.රෝගියා මෙම ප්‍රතිකාරය අවශ්‍ය කෙනෙක් ද, රෝගියා මෙම ප්‍රතිකාරයට ලක් කිරීම සඳහා සුදුසු අයෙක් ද යන්න පරීක්ෂාවට ලක් කෙරේ. රෝගී තත්ත්වය අනුව භාවිතා කරන ප්‍රභවය, රෝගියා ස්ථාන ගත…
Click Following Icons To Join Our Social Media Network











