භෞතචිකිත්සකවරයා
The Physiotherapist

1️⃣#භෞතචිකිත්සකවරයෙකු යනු කවරෙක්ද?
සරලවම වෛද්‍යවරයෙක්,හෙදියක් මෙන් ඔබගේ රෝගී තත්වයන්ගෙන් අත්මිදීමට උදව් කරන රටක සෞඛ්‍ය ක්ෂේත්‍රයට වැදගත්, ක්‍රීඩා ක්ෂේත්‍රයට අතිශයින් වැදගත් වෛද්‍ය වෘත්තිකයෙක්.
2️⃣#භෞතචිකිත්සකවරයෙකුගේ කාර්යයභාරය වන්නේ කුමක්ද?
✅රෝගීන් පරීක්ෂාවට ලක්කිරීම, ඔවුන්ගේ රෝගාබාධ තත්වයන් නිර්ණය කිරීම හා ඒවාට ප්‍රතිකාර කිරීම.එමගින් ඔබගේ ආබාධ තත්ව හමුවේ ඔබට නැවත ජීවිතයේ එදිනෙදා ක්‍රියාකාරකම් වල සුපුරුදු තත්වයට, ක්‍රියාකාරීත්වයට පැමිණීමට උදව් කිරීම.
🔷ලෝකයේ මානව චලන විද්‍යාව 🚶🏃🤸🏋️⛹️🤾🚴🚵🤼🤹🏌️🏇🤺⛷️🏂🏄🚣🏊🤽 පිළිබඳව විශේෂඥයන් පිරිසක් තමයි භෞතචිකිත්සකවරු කියන්නෙ.ශරීරයේ භෞතික හැසිරීම පිළිබඳව ඔවුන්ට මනා දැනුමක් පවතී.
3️⃣#භෞතචිකිත්සක ප්‍රතිකාර ක්‍රම මොනවාද?
ප්‍රධාන වශයෙන් භාවිතා වන්නේ භෞතික ප්‍රතිකාර ක්‍රමයි.ප්‍රතිකාර ක්‍රම ආකාර කීපයකි.
🔴විද්‍යුත්චිකිත්සක ප්‍රතිකාර 🔴/Electrotherapy
🔶මෙහිදී විද්‍යුත් චුම්භක වර්ණාවලියේ එන ප්‍රතිකාරමය සීමාවේ පවතින කිරණ වල ශක්තීන් ප්‍රතිකාර කිරීම සඳහා යොදා ගනී.
තවද විද්‍යුතය යොදා ගැනීම ද සිදු කරයි.
🔴ප්‍රතිකාරමය ව්‍යායාම🔴/Therapeutic Exercises
🔶දක්ෂ පළපුරුදු භෞතචිකිත්සකවරයෙකු විසින් බොහෝ විට උත්සාහ කරන්නේ ව්‍යායාම ප්‍රතිකාර ක්‍රම මගින් ඔබගේ රෝගය ට හේතුවන ජෛව යාන්ත්‍රණයෙහි (Bio-mechanics) පවතින දෝෂය නිවරැදි කිරීමයි.එකිනෙකට වෙනස් ව්‍යායාම ක්‍රම රැසක් ඔවුන් විසින් භාවිතා කරයි.
🔴කායචිකිත්සක ක්‍රම🔴/Manual Therapy
🔶මෙහිදී හෞතචිකිත්සකවරයා විසින් රෝගියා විසින් සක්‍රීයව ප්‍රතිකාරයට සහභාගී වීමකින් තොරව හෝ සහභාගී වීම අවම වන ලෙස ඔබගේ මාංශපේශී, සන්ධි හෝ අන්තරංග අවයව චලනයට ලක්කිරීම මගින් පටක වල ආබාධ හෝ ජෛව යාන්ත්‍රණයේ ආබාධ නිවරැදි කරනු ලබයි.
🔴අතුරු ප්‍රතිකාර ක්‍රම🔴Supplimentary Treatments
☑️ටේපින්/Kinseio Taping
☑️කටු චිකිත්සාව/Dry Needling
☑️මෘදු පටක ලිහිල් කිරීමේ චිකිත්සක ක්‍රම/Soft Tissue Releasing Techniques
☑️Thai Chi
වැනි බොහෝ විද්‍යාත්මකව තහවුරු කරන ලද ප්‍රතිකාර ක්‍රම භාවිතා කරනු ලැබේ.
4️⃣භෞතචිකිත්සකවරයෙකු හට ඔබට ඖෂධ නියම කළ හැකි ද?
🔶එංගලන්තය වැනි ඇතැම් දියුණු රටවල භෞතචිකිත්සකවරුන් හට සීමිත ඔඖෂධ කාණ්ඩ කිහිපයක් යටතේ ඖෂධ නියම කිරීමට නීතිමය අවසර ලබා දී ඇත.ඒ සදහා ඔවුන් විශේෂ පුහුණුවක් ලැබීය යුතුය.
ශ්‍රී ලංකාවේ ඒ සදහා නීතිමය අවසරයක් නැත.
නමුත් ශ්‍රී ලංකාවේ #භෞතචිකිත්සක #උපාධි පාඨමාලව තුළ #ඖෂධවේදය ඉගෙනීමට ඇත.ඒ නිසා ඔවුන් හට ඔබ භාවිතා කරන ඖෂධ පිළිබඳ මනා අවබෝධයක් ඇත.දක්ෂ භෞතචිකිත්සකවරයෙකු ඔබ ඖෂධ භාවිතා කරන අයෙක් නම් සෑම විටම ඔබට ප්‍රතිකාර කිරීමට පෙර ඒ පිළිබඳව සැලකිලිමත් වනු ඇත.
5️⃣භෞතචිකිත්සකවරයා කියන්නෙ වෛද්‍යවරයෙක්ද?
🔶නැහැ.භෞතචිකිත්සකවරයෙකු වීම සදහා දැනට මෙරට #රාජ්‍ය විශ්වවිද්‍යාල 2 ක (කොළඹ වෛද්‍ය පීඨයේ සහ පේරාදෙණිය සම සෞඛ්‍ය විද්‍යා පීඨයේ පාඨමාලාවන් ක්‍රියාත්මක වේ)තවද #අර්ධ රාජ්‍ය විශ්වවිද්‍යාලයක (කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ) ද ඉංග්‍රීසි මාධ්‍යයෙන් ක්‍රියාත්මක වන අවුරුදු 4 ක අධ්‍යයන කටයුතු,ප්‍රායෝගික ක්‍රියාකාරකම්, පර්යේෂණ කටයුතු සහ සායනික පුහුණුව සහිතව භෞතචිකිත්සක උපාධි පාඨමාලාවන් ප්‍රදානය කිරීම සිදුකරයි.
🔴B.Sc(Honours) in Physiotherapy🔴
🔶මෙම පාඨමාලාව තුළදී කායච්ඡේදනය,මානව ව්‍යුහ විද්‍යාව, ඖෂධවේදය, ජෛව යාන්ත්‍ර විද්‍යාව, විද්‍යුත් චිකිත්සාව, පර්යේෂණ ක්‍රමවේදය, වැනි තවත් බොහෝ සංකීර්ණ විෂය කොටස් වල න්‍යායාත්මක දැනුම, ප්‍රායෝගික දැනුම සහ එම දැනුම සායනකිව යොදා ගැනීමට සායනික පුහුණුවකද යෙදීම සිදු කළ යුතුය.
🚫වර්තමානයේ මෙරට තත්වය🚫
🔶ඔබගේ රෝගී තත්ත්වයක් සදහා ව්‍යායාම ප්‍රතිකාර නියම කළ හැකි,ලබාදිය හැකි සුදුසුකම් ලත් පිරිස වනේ භෞතචිකිත්සකවරුන්ය.නමුත් ඇතැම් #වංචාකාරී පුද්ගලයන් තමන් භෞතචිකිත්සකවරුන් යැයි හදුන්වනවා ගනිමින් රෝගීන් රවටා මුදල් ලබා ගැනීමේ වංචාකාරී ක්‍රියාවන් වලට යොමු වීමේ ප්‍රවණතාවක් වර්තමානය වන විට මෙරට ක්‍රියාත්මක වන බව පෙනී යයි.විශේෂයෙන්ම ඇතැම් රෝගීන්ට නිවාස වලට පැමිණ භෞතචිකිත්සක ප්‍රතිකාර සිදු කළ යුතු අවස්ථාවන් වලදී ද, ඇතැම් ව්‍යායාම පාඨමාලාවන්, ටේපින් පාඨමාලාවන් හෝ සම්බාහන පාඨමාලාවන් කළ පිරිස් තමන් ක්‍රීඩා භෞතචිකිත්සකයන් ලෙස පෙනී සිටිමින් ද ඇතැම් පාසල් වල, ක්‍රීඩා සමාජ වල සේවය කරන බව වාර්තා වේ.මෙමගින් වෘත්තීයනාමයටත්,එම රෝගීන්ටත් ,ක්‍රීඩා ක්ෂේත්‍රයටත් විය හැකි හානිය අති මහත්ය.නමුත් රටේ අවාසනාවකට බලධාරීන් ගේ අවධානය මෙයට යොමු වී නැත.
6️⃣සුදුසුකම් ලත් භෞතචිකිත්සකවරයෙකු වෙතට යොමු වන්නේ කෙසේද?
1.රාජ්‍ය රෝහලක සේවයේ යෙදී සිටින භෞතචිකිත්සකවරයෙකු වෙතට යොමු වීම.
2.දිවයිනේ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක සිටින භෞතචිකිත්සකවරයෙකු වෙතට යොමු වීම.
3.දිවයින පුරා විසිරී ඇති පිළිගත් භෞතචිකිත්සක ප්‍රතිකාර මධ්‍යස්ථාන වල සේවය කරන භෞතචිකිත්සකවරයෙකු වෙතට යොමු වීම.
4.විශේෂ්‍ය වෛද්‍යවරයෙකු හෝ ශල්‍යවෛද්‍යවරයෙකු විසින් නිර්දේශ කරන භෞතචිකිත්සකවරයෙකු වෙතට යොමු වීම.
5.පාසැල් හෝ ක්‍රීඩා සමාජ වලට භෞතචිකිත්සකවරු අනුයුක්ත කිරීමේදී පිළිගත් සුදුසුකම් තිබේදැයි සොයා බැලීම.
🔶වෛද්‍යවරයෙකු හට රෝගයකින් ඔබගේ ජිවිතය බේරා ගැනීමට හැකිය.නමුත් එම ජිවිතයට අර්ථයක් එක් කිරීමට,නැවත ඔබේ ජීවිතය විඳින්නට, ක්‍රියාකාරී වන්නට ඔබට මග කියා දෙන්නේ භෞතචිකිත්සකවරයාය.
🔶දක්ෂ භෞතචිකිත්සකවරයෙකු සෑම විටම ඔබට උපදෙස් දෙනු ඇත්තේ හැකි මට්ටමට ක්‍රියාශීලිව තම ජීවිතය ගත කිරීමටයි.
🔶 නිවරැදිව භෞතචිකිත්සක ප්‍රතිකාර වලට යොමු වී ජීවිතය විඳින්න.
#WeKeepYouMovingWeKeepYouHeathy

