මොනවද මේ සමරහර අයගෙ දණහිසෙන් එන ශබ්ද?![]()
![]()
කරස් ගානව ද?
පොප් ශබ්දයක් ද?
නෑත්නම් චර චර ගානවද?
OMG.. නැත්නම් මට ආතරයිටීස් ද??? වෙනත් මොකක් හරි අවුලක්ද?
එහෙනම් මේ ලිපිය අවසන් වෙනකම් කියවා දැනුවත් වෙන්න.![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
ගොඩක් වෙලාවට දණහිසේ වේදනාවත් සමග පැමිණෙන රෝගීන්ගෙ
පැමිණිල්ලක් තමයි මගේ දණහිසෙන් අමතු සද්දයක් එනව කියන එක, නැත්නම් අත තබා දණහිස චලනය කළ විට අතට දැනෙන ඇතුලෙන් සිදුවන ඝර්ෂණය වගේ දැනීම.
රෝගීන් ගොඩක් වෙලාවට මේ පිළිබඳව සැලකිල්ලක් දක්වනව.
99% වගේම දණහිසෙන් එන ශබ්ධ ස්වාභාවිකව පැමිණෙන කායික විද්‍යාත්මක ශබ්ධ ලෙස හඳුනාගෙන තියෙනව. මේ ශබ්ද ඇති වීම පිළිබඳව අනිසි බියක්
රෝගීන් ඇති කර ගැනීමත් ඒ නිසා ඔවුන් ආතතියට
ලක් වීමත් සිදුවෙනව.![]()
ශබ්දය පැමිණීම අවම කර ගැනීමට තම දණිස් යොදා ගෙන කරන ක්‍රියාකාරකම් හා ඇවිදීමේ රටාව කෘතිමව වෙනස් කර ගැනීමට යාමෙන් වෙනත් ගැටලු මතුවන අවස්ථා ද තිබෙනව.
නමුත් මෑතකදී සිදු කළ පර්යේෂණ ගණනාවකින් තහවුරු කරල තියෙන්නෙ මෙම ශබ්ද 99% පාහේ කායික විද්‍යාත්මක ඒවා මිසක ව්‍යාධිවිද්‍යාත්මක(රෝග හා සම්බන්ධ) ඒවා නොවන බවයි.
ව්‍යාධිවිද්‍යාත්මක දණහිස් ශබ්ද
මෙම ශබ්ද ගොඩක් විට දණහිසට සිදුවූ විශේෂිත අනතුරක්/ආබාධයක් හා සම්බන්ධ වෙනව.![]()
උදාහරණයක් විදියට දණහිස අභ්‍යන්තර වූ බන්ධනියක් වන ACL යම් අනතුරකදී ඉරී යාමත් සමග “පොප්” ශබ්දයක් ඇසුණු බව බොහෝ ක්‍රීඩා සම්බන්ධ අනතුරු වලට මුහුණ පෑ රෝගීන් කරන පැමිණිල්ලක්.
තවද ක්‍රීඩා අනතුරකදී දණහිස් සන්ධියෙහි කාටිලේජ ඉරීයාමක් සිදුව ඇත්නම් දණහිස යම් පරාසයක් චලනය කරන විටදී “ක්ලික් “ශබ්දයක් ශ්‍රවණය වෙනව.
ඔබ දණහිසෙහි ශල්‍යකර්මයකට ලක්වීමෙන් අනතුරුව නම් ශබ්දය එන්න පටන් ගත්තෙ දණහිසෙ මොකක් හරි තව ආබාධ තත්ත්වයක් ඉතිරිවෙලා ඇති.නැත්නම් ශල්‍යකර්මයෙන් පස්සෙ දණහිස හැඩගැසීමේදි වුණ සාමාන්‍ය දෙයක් වෙන්නත් පුළුවන්
දණහිසෙහි ආතරයිටිස් තත්වයක් වර්ධනය වී ඇතිනම් ගොඩක් වෙලාවට දණහිසෙ ‘කරස්’ වැනි ශබ්දයක් එන්න පුළුවන්.”
හැබැයි ශබ්දය ආ පලියට කියවෙන් නෑ ඔබට ආතරයිටීස් කියන එක
“.
දණහිසේ මොකක් හෝ ආබාධයක් තියෙනව නම් ඒ සමග ඔබට
දණහිසේ වේදනාව
දණහිස ඉදමී ඇති බව
දණහිස අවට රස්නය සාමාන්‍ය ඇඟේ රස්නෙට වඩා වැඩි බව සහ
වෙනදා මෙන් දණහිස චලනය කිරීම අපහසු බව ඔබට දැනේවි![]()
කොහොම වුණත් කලින් සිදුවූ ආබාධ තත්ත්වයක් නිසා ඇති වූවක් නම් ආබාධ තත්ත්වයට නිසි ලෙස ප්‍රතිකාර ගැනීමත් සමග දණහිසෙහි ඇතිවන එම ශබ්ද ක්‍රමයෙන් නැතිව යාවි.
කායික විද්‍යාත්මක ඇතිවන ස්වභාවික දණහිස් ශබ්ද
ගොඩක් වෙලාවට මෙම ශබ්ද සමග කිසිදු ආබාධයක් සම්බන්ධ බවක් සොයාගෙන නෑ.
ගොඩක් වෙලාවට මෙය රෝගීන්ට දැනෙන්නෙ දණහිස චලනය වන ක්‍රියාකාරකමක් පුනරාවර්තී වශයෙන් සිදුවන විට පමණයි.
උදාහරණයක් විදියට බිම වාඩි වෙලා නැගිටින විටදි, නැත්නම් Squatting එකකදි තමයි මේක ගොඩක් වෙලාවට දැනෙන්න ගන්නෙ.
ඉතිං එහෙනම් ඇයි මගෙ දණහිසෙන් කිසිම ආබාධයක් නැතුව සද්ද එන්නෙ?
මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීම් කීපයක් පර්යේෂකයන් විසින් ඉදිරිපත් කරල තියෙනව.1.දණහිස තුළ වූ තරලයෙහි වායු බුබුළු හට ගැනීමත් ඒවා පිපිරීමත් නිසා2.මාංශ පේශි වල කණ්ඩරා/බන්ධනි අස්ථි නෙරුම් මතින් එහා මෙහා පැනීම(Snapping)3.අස්ථි කාටිලේජ වල ස්වභාවික ව්‍යුහාත්මක වෙනස්කම්(Hypermobile Cartilage,Discoid Cartilage)4.පටක ස්ථර එකිනෙක ඝර්ෂණයට ලක්වීම
වයසට යාමත් සමග ස්වාභාවිකවම සන්ධි වල සිදුවන වෙනස්වීම් නිසා සන්ධි අවට තද ගතිය (Stiffness) නිසා ද දණහිසෙහි ශබ්ද ඇතිවන්නට පුළුවන්.
ඉතිං ශබ්දයක් එනවනම් මොකද කරන්නෙ මේකට, කොහොමද හොයා ගන්නෙ සාමාන්‍ය ද නැද්ද කියල
ඔබගේ දණහිසෙහි එන ශබ්දය මොන වගේ ද කියල බලන්න “පොප්, කරස්, චර චර, ක්‍රීක්, ක්ලික්, කලන්ක්,” මේ වගේ විස්තර කරන්න පුළුවන් මට්ටමේ එකක් ද බලන්න ( මීට වඩා වෙනස් විදියට විස්තර කරන්න පුළුවන් නම්, පෝස්ට් එකට යටින් කමෙන්ට් කරන්න![]()
)
ඒක ගොඩක් කල් ඉඳල තිබ්බ එකක්ද මෑතකදී ඇහෙන්න ගත්ත එකක් ද බලන්න,මෑතකදි නම් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්
ශබ්දය කාලයත් එක්ක ටික ටික වැඩිවෙන එකක් ද
කෙදිනක හෝ දණහිසේ අනතුරක්/ආබාධයක් වෙලා තියෙනවද නැත්නම් බලන්න(මේ කියන්නෙ සාමාන්‍ය වැටීමක්, සීරීමක් නෙමෙයි)
ඒ ශබ්දය එන්න ගන්නවත් එක්කම කැක්කුම, ඉදමීම, හිර ගතිය වගේ දැනෙනවද බලන්න
වෙනද තරම් බරක් දණහිස් වලට දීමේ අපහසුතාවක්, පුටුවකින් නැගිටීම, බයිසිකල් පැදීම වැනි වෙනදා යෙදෙන ක්‍රියාකාරකම් අපහසුද බලන්න
2,3,4,5,6 #ඔක්කොටම හෝ #එකකටවත්#ඔව් නම් ඔබගේ දණහිස් භෞතචිකිත්සකවරයෙකු හෝ මේ සම්බන්ධයෙන් විශේෂඥ දැනුමක් ඇති වෛද්‍යවරයෙකු ලවා පරීක්ෂා කරවා ගැනීම සුදුසුය.
2,3,4,5,6 සියල්ලටමට #නැත නම් ගැටලුවක් නැත
ඒත්
හිතට හරි නෑ වගේ නම් මොකද කරන්නෙ?
ළඟම සිටින සුදුසුකම්ලත් භෞතචිකිත්සකවරයෙකු වෙත යොමු වී දණහිස් පරීක්ෂා කරවා ගත හැකි ය.
එතකොට 1 මොකටද?
ඔබගේ දණහිසෙහි එන ශබ්දය මොන වගේ දැයි හඳුනාගැනීමේ පහසුවට
Noise around the Knee
https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC5851845/
Please Like Our Page and Share among your friends.


