
භෞතචිකිත්සාවේ එන විද්‍යුත් ප්‍රතිකාර ක්‍රමයකි. මෙහිදී විද්‍යුත් චුම්භක වර්ණාවලියේ එන අධෝරක්ත කිරණ හෙවත් IR කිරණ ප්‍රතිකාරය සඳහා භාවිතා වේ.
මෙහිදී ප්‍රතිකාරයට පෙර රෝගියාගේ රෝගී තත්ත්වය පරීක්ෂාවට ලක් කෙරේ.රෝගියා මෙම ප්‍රතිකාරය අවශ්‍ය කෙනෙක් ද, රෝගියා මෙම ප්‍රතිකාරයට ලක් කිරීම සඳහා සුදුසු අයෙක් ද යන්න පරීක්ෂාවට ලක් කෙරේ.
රෝගී තත්ත්වය අනුව භාවිතා කරන ප්‍රභවය, රෝගියා ස්ථාන ගත කිරීම,රෝගියාගේ ශරීරයේ මෘදු පටක වල ලක්ෂණ අනුව රෝගියාත් ප්‍රභවයත් අතර දුර, ප්‍රතිකාරයට ලක්වන කාලය රෝගියාගෙන් රෝගියාට වෙනස් කල යුතුය.

මෙහිදී රෝගියාට පවතින වෙනත් රෝග තත්වයන් සහ රෝගියා භාවිතා කරන ඖෂධ පිළිබඳ සැලකිලිමත් විය යුතුයි.
උදාහරණයක් ලෙස අධික රුධිර පීඩනය ඇති රොගියෙක් මෙම ප්‍රතිකාරයට ලක් කිරීමට පෙර රෝගියාගේ රුධිර පීඩනය පරීක්ෂා කිරීම, රෝගියා බෙහෙත් බී ඇතිද යන්න, එසේනම් ඒ කොපමණ වේලාවකට ප්‍රථමවද, භාවිතා කරන බෙහෙත් වර්ගය කුමක්ද සහ ප්‍රමාණය යන කරුණු පිළිබඳ සැලකිලිමත් විය යුතුය.
නැතහොත් ඇතැම් අවස්ථා වලදී රෝගියා ප්‍රතිකාරය අතරතුර රුධිර පීඩනය අඩු වී ක්ලාන්ත වීමට හෝ සිහිසුන් වීමට ඉඩකඩ ඇත.
මෙලෙසම අනෙකුත් රෝගී තත්ත්වයන් සමග පැමිණෙන රෝගීන් ද පරීක්ෂා කළ යුතුය.
මෙම ප්‍රතිකාර ක්‍රමයේ අරමුණු වන්නේ
- වේදනාව අඩු කර ගැනීම
- තද වූ පටක ලිහිල් කර ගැනීම
- අදාල ස්ථානය අවට රුධිර ගමනාගමනය වැඩි කිරීම
භෞතචිකිත්සාවේදී ඇත්ත වශයෙන්ම මෙම ප්‍රතිකාර ක්‍රමය යොදා ගන්නේ ව්‍යායාම සහ කායික චිකිත්සා ක්‍රම සඳහා රෝගියාගේ පටක පෙර සූදානම් කර ගැනීමටයි.
මෙම අධෝරක්ත කිරණ වල සමහර තරංග පරාස භාවිතා කිරීමෙන්
- සෛල වර්ධනය උත්තේජනය
- තුවාල සුවවීම ඉක්මණ් කිරීම
- ස්නායු සෛල උත්තේජනය
මෙම කිරණ වලිට සෛලීය මට්ටමේ ප්‍රතිකාරමය ගුණ ඇති බව පර්යේෂණ මගින් අනාවරණය කර ගෙන ඇත.ඒ සඳහා විශේෂිත යන්ත්‍ර නිර්මාණය කර ඇත.එම යන්ත්‍ර සහ එම කිරණ තරංග පරාස ලබා දෙන යන්ත්‍ර හැරුණු විට සාමාන්‍ය යන්ත්‍ර වලින් එම ගුණයන් ලබා ගත නොහැකිය.
වර්තමානයේ මෙම ප්‍රතිකාර ක්‍රමය රෝගීන් විසින්ම ඇතැම් විට හෝ මෙම කරුණු පිළිබඳ අවබෝධයක් නොමැති අය විසින් සහ හොරට ප්‍රතිකාර කරන භෞතචිකිත්සකයින් ලෙස පෙනී සිටින වංචාකාරී අය විසින් සහ හොර වෙදුන් විසින් අව භාවිතා කරමින් සිටී.
මෙම ප්‍රතිකාර ක්‍රමය භාවිතා කරන නිවරැදි ක්‍රමවේදය සහ එය ඔබට සුදුසු ද එය භාවිතා කරන ආකාරය ගැන ඔබට දැන ගත හැක්කේ සුදුසුකම් සහිත භෞතචිකිත්සකවරයෙක්ගෙන් පමණි.
හුදෙක් බොහෝ රෝගීන් “ලයිට් එක ඇල්ලීම” යයි ව්‍යවහාර කළද ඒ ප්‍රතිකාරය පිටුපස සැලකිලිමත් විය යුතු කරුණු රැසක් සහ ඔබගේ පටක වල තාවකාලිකව සිදුවන වෙනස්වීම් රැසක් පවතී.
තවද එමඟින් පමණක් තම රෝගය සුව වන බවත් එය විතරක් ප්‍රමාණවත් බව විශ්වාස කරන රෝගීන් මෙන්ම වෛද්‍ය වෘත්තිකයන් ද සිටී.ඒ ඔවුන්ගේ නොදැනුවත් භාවයයි.එලෙසම භෞතචිකිත්සක ප්‍රතිකාර යැයි සිතා හැම රෝගී තත්ත්වයකට IR Therapy නිර්දේශ කිරීම මගින් ද ඔවුන්ගේ නොදැනුවත් භාවය ද පිළිබිඹු කෙරේ.
සාම්ප්‍රදායික IR ප්‍රතිකාර ක්‍රම දැනටමත් විදේශ රටවල බැහැර කරමින් යන අතර නවීන වැඩි දියුණු කරන ලද IR ප්‍රතිකාර ක්‍රම ඔවුන් භාවිතා කරමින් සිටී.
කෙසේ වෙතත් නිවරැදි භෞතචිකිත්සක ප්‍රතිකාර ක්‍රමය වන්නේ අතුරු ප්‍රතිකාර ක්‍රම මගින් සහය ලබා ගෙන සහ ප්‍රධානවම ව්‍යායාම හා කායික චිකිත්සා ක්‍රම මගින් ආබාධයට හේතුවන ශරීර ජෛවයාන්ත්‍රණයේ සිදුව ඇති වෙනස නිවරැදි කිරීම මගින් රෝගියාගේ භෞතික ශරීරයේ අවයව වල චලනයන් එහි උපරිම තත්ත්වයට රැගෙන ඒම සහ රෝගියාට වේදනාවකින් සහ ආබාධයකින් තොරව තම වැඩකටයුතු තනිව කරගැනීමට හැකි තත්වයට ළඟා කර දීමයි.

