ඔබේ පාද
ගැන විමසිලිමත් ද? ඉදිරිපසින් උල් වූ ,හිර සපත්තු 
පලදින කෙනෙක් ද? නැතිනම් දිනපතා high heels
පලදින කෙනෙක් ද?


මෙය ක්‍රම ක්‍රමයෙන් උග්‍ර විය(Progressive) හැකි පාදයේ ඇති වන විකෘතියක්(Foot Deformity) වන අතර පාදයේ පළමු ඇගිල්ල සහ පාදය අතර වූ සන්ධියේ(1st metartarsophalangeal joint) මෙය ඇතිවේ.බොහෝ විට පා ඇගිල්ල අවට වේදනාවත්(Pain) සමග ඇගිල්ලේ ක්‍රියාකාරීත්වයෙහි(Functional Disability) සහ ඇවිදීමේ අපහසුතාවයක් ක්‍රමයෙන් ඇතිවිය හැකිය.සන්ධිය කල් ගතවත්ම එහි නිවැරදි පිහිටීමෙන් ඉවත්ව සැකසිය හැකි අතර(Subluxation) ගොඩක් දුරට මෘදු(Soft Tissues) පටක වල සිදුවන වෙනස්කම් නිසා සන්ධියෙහි වූ අස්ථිය නෙරා ඒමක් වැනි තත්වයක්/අස්ථි ගැටයක් (Bunyion) ඇති විය හැකිය.අවසාන වශයෙන් ඔබ ඇවිදීමේ රටාව සම්පුර්ණයෙන්ම වෙනස් වී දණහිස් අබාධ(Knee Pain),උකුල් සන්ධියේ ආබාධ(Hip Pain) මෙන්ම කොන්දේ අමාරු(Back Pain) සදහාද හේතු විය හැකිය.
සමස්ත ජනගහනය තුළ මෙම තත්වය ඉහළ මට්ටමක පවතී. (වයස අවුරුදු 18-65 අතර වැඩිහිටියන්ගෙන් 23% ක් සහ වයස අවුරුදු 65 ට වැඩි වැඩිහිටියන්ගෙන් 35.7% ක් (කාන්තාවන් 30% – පිරිමින් 13%) වන පරිදි.

රෝග ලක්ෂණ :
ඇගිල්ල පාදයේ මැද දෙසට සන්ධියෙන් හැරීමට ලක්වීම
එම සන්ධියේ වේදනාව(Pain)![]()
ඇගිල්ලෙහි චලන පරාසය අඩු වීම(Functional dysfunction)
අස්ථි ගැටයක්(Bunyion) ඇති වීම සහ එම ස්ථානය ඇල්ලු විට වේදනාකාරී වීම
එම ස්ථානය රතු පැහැ වීම(Redness) සහ උණුසුම් ස්වභාවයක්
(Warmth) ගැනීම
සපත්තු දමා ඇවිදීමේ අපහසුතාවය සහ වේදනාව

නිශ්චිත හේතුවක් නිසි ලෙස තහවුරු වී නොමැති වුවද මේ සඳහා පහත සාධක දායක වේ.
ලිංගභේදය/Gender (කාන්තාවන් තුළ 10වැඩි වාර ගණනක්)![]()
පාවහන්/Type of shoes (තද උල් වූ සපත්තු)![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
ජානමය විරූපණය හෝ නැඹුරුතාව/congenital deformity or predisposition
නිදන්ගත achillies කණ්ඩරාවෙහි තද බව/chronic achilles tightness
උග්‍ර පැතලි පාද බව /Severe Flat Foot
පාදයේ පළමු ඇගිල්ල සහ පාදය අතර වූ සන්ධියේ අධික චල බව/Hypermobility
පද්ධතිමය රෝග/Systemic diseases
වයස අවුරුදු 20 ත් 39 ත් අතර කාලයේ තද සපත්තු සහ / හෝ උල්වූ සපත්තු පැළඳීම පසු කාලීනව පාදයේ පළමු ඇගිල්ල ඇද වීමට හේතු වේ.අසාමාන්‍ය මාංශපේෂි සැකැස්ම ද මේ සඳහා හේතු විය හැකි ය.මෙම අබාධ තත්වය නිසා ඇවිදින රටාවේ ජෛව යාන්ත්‍රණය වෙනස් වීම නිසා උකුල් හා දණහිස ඔස්ටියෝආතරයිටිස් ද පසු කලෙක(OA) ඇති විය හැකිය.
හදුනා ගන්නා ආකාරය
x -කිරණ චායරුපයක් මගින් ඇගිල්ල ඇද වී ඇති ප්‍රමාණයේ කෝණය නිර්ණය කල හැකි වන අතර එම සන්ධියට පවතිනඔස්ටියෝආතරයිටිස් අවදානමද නිර්ණය කළ හැකිය.(පහත දක්වා ඇති ජායාරූපය සමග ඔබේ පාද සැසදීමෙන්ද ආබාධයේ ප්‍රමාණය නිර්ණය කර ගත හැකිය)
ප්‍රතිකාර ක්‍රම
වළක්වාගැනීම/Prevention
නිසි ලෙස ගැලපෙන සපත්තු පැළඳීම (අධික ලෙස තද/tight ) සහ උස සපත්තු/high heels නොපැලදීම.

#භෞතචිකිත්සක ප්‍රතිකාර ක්‍රම/#Physiotherapy treatment techniques
Electrotherapy /විද්යුත්චිකිත්සාව – වේදනාව,ඉදිමීම අඩුකිරීම/මාංශ පේශි ශක්තිමත් කිරීම/සුව වීම ඉක්මන් කිරීම
සන්ධිය අතින් චලනයට ලක් කිරීම/Joint mobilization
ටේපින්/Taping
Hallux Vulgus විකලාංගකයක්/ Orthosis පැළදීමට නියම කිරීම.
ප්‍රතිකාරමය ව්‍යායාම/Therapeutic Exercises
නැවත ඇතිවීම වැළැක්වීමට අනුගමනය කළ යුතු උපදෙස්
මෙම තත්වය උග්‍ර වුවහොත් ශල්‍යකර්මයකට යොමු වීම එම විකෘතිතාව නිවරැදි කිරීමට සිදුවේ.එමනිසා ඉහත සඳහන් කළ ලක්ෂණ ඔබට තිබෙනවා නම් ඔබේ #භෞතචිකිත්සකවරයා ලවා ඔබේ පාද පරීක්ෂාකරවා ගන්න.#WeKeepYouMovingWeKeepYouHealthy

